ඒ, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ජයවර්ධන මහතාට එරෙහිව සමාජ හා සාමයික කේන්ද්‍රය ගොනු කර ඇති පෙත්සම අද යළි කැඳවූ අවස්ථාවේදී ය.
සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳ වූ අවස්ථාවේ,පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය පැවසුවේ, පෙත්සම සම්බන්ධව කරුණු තහවුරු කිරීමට දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවයි.
නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර මහතා එහිදී කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගයට අනුව තම සේවාදායකයාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබෙන බව සඳහන් කළේ ය.
ඔහු සඳහන් කළේ, පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා සිටින සහන ඔවුන්ට ලැබී තිබෙන බවයි.
කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙබරවාරි මස 27 වැනිදා පෙත්සම යළි කැඳවීමට දින නියම කළේ ය.
විරෝධතා තිබේ නම් ජනවාරි 15 වනදාට පෙර ගොනු කරන ලෙසද වගඋත්තරකාර පාර්ශවයට නියෝග කළ විනිසුරුවරුන් ප්‍රතිවිරෝධතා තිබේ නම් , එතැන් පටන් සති තුනක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසද දැනුම් දුන්නේ ය.
පෙත්සමේ දැක්වෙන්නේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස දන්වමින් නිර්දේශ කිහිපයක් නිකුත් කර ඇති නමුත්, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා තවමත් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවයි.
එම නිසා, කොමිසමේ නිර්දේශ අනුව නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවන් ඉල්ලා තිබේ.