රන්දෙව් දිනෙන්ද්‍ර‌ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් වන රන්දෙව් දිනෙන්ද්‍ර කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි..

by Staff writer 12-11-2024 | 4:26 PM

COLOMBO ( News 1st ) - සිරදඬුවම් නියම වී සිටින ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන් කළ ඇප ඉල්ලීම අභියාචනාධිකරණය අද (12) ප්‍රතික්ෂේප කළේ ය.

ඒ, ඇප ඉල්ලීම සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳ වූ අවස්ථාවේදී ය.

රුපියල් බිලියන 3.5 ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන්ට මාස 06 ක සිරදඩුවම් නියම කර තිබේ.

විත්තිකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විනිසුරු මඬුල්ල කරුණු තහවුරු කිරීමට පෙත්සම නොවැම්බර් 29 කැඳවීමට දින නියම කළේ ය.