පොලීසිය පැවසුවේ, ප්‍රධාන ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය විශේෂ පොලිස් ආරක්ෂාව යටතේ සිදුවන බවයි.
ප්‍රධාන ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිට ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හෙට (13) සිදුකිරීමට නියමිත වේ.
අද සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් රට පුරා ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේ ය.
ඒ අනුව, ආරක්ෂක අංශ සාමාජිකයින් 93,000 ක් පමණ රාජකාරී අනුයුක්ත කර ඇත.
එම පිරිසට පොලිස් නිලධාරීන් 70,000 ක් ඇතුළත් වේ.
සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් 10,000 ක්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 10,000 ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් 3000 ක් ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලට අනුයුක්ත කර තිබේ.
පොලිසිය පැවසුවේ, දිවයින පුරා ස්ථිර මාර්ග බාධක 131 ක් ක්‍රියාත්මක බවයි.
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 52 ක් ආශ්‍රිතව තාවකාලික මාර්ග බාධක යොදවමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද, පොලිසිය සඳහන් කළේ ය.