අදාළ සැකකරුවන්, තියුණු ආයුධ පෙන්වා බියගන්වා රුපියල් ලක්ෂ 10 ක මුදලක් අන්තර් ජාලය ඔස්සේ ගිණුමකට බැර කරවාගෙන ඇති බව පොලීසිය පැවසුවේ ය.
පසුව අදාළ පුද්ගලයා සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 15 ක මුදලක් ද කොල්ලකා ඇති බව පොලිසිය ප්රකාශ කළේ ය.
සිද්ධියට සම්බන්ධ යුවලක් සහ ත්රීරෝද රථයක් බම්බලපිටිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඔවුන්ගේ ප්රකාශ මත තවත් සැකකරුවන් 4 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.
එලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ, රත්මලාන හා ගල්කිස්ස යන ප්රදේශවල පදිංචිකරුවන් පිරිසකි.