ඒ,පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙනි.
අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, මැතිවරණ කොමිෂන් සභාව කළ ඉල්ලීමකට අනුව නිවාඩු ලබා දීම සිදු කළ බවයි.
පාසල් ලබන 18 වැනි සඳුදා යළි විවෘත කිරීමට සැලසුම් කර තිබේ.
මේ අතර සියලු විශ්වවිද්‍යාල ද හෙට(13) සහ අනිද්දා(14) වසා තැබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය කපිල සෙනවිරත්න මහතා පැවසුවේ, ඊට අදාළ උපදෙස් සියලු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් වෙත යොමු කර ඇති බවයි.
මැතිවරණයේ දී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි සියලු පෞද්ගලික සහ රාජ්‍ය බැංකු සහ මූල්‍ය සේවකයින්ට නිවාඩු ලබාදෙන්නැය මැතිවරණ කොමිසම දැනුම් දෙයි.
එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, සාමාන්‍ය නිවාඩු අඩු කිරීමකින් හෝ වැටුප් කප්පාදුවකින් තොරව නිවාඩු ලබාදිය යුතු බවයි.
ඇතැම් බැංකු හා වෙනත් මුල්‍ය ආයතනවල සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබාදීම නිසි පරිදි සිදු නොවන බවට පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.