COLOMBO (News 1st) -
වැඩි මිලට සහල් අලෙවි කරන ස්ථාන සොයා වැටලීම් දැඩි කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරීය පවසයි.එහි විමර්ශන අංශය සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ සහල් වැටලීම් 2800කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇති බවයි.
එහිදී වැඩි මිලට සහල් අලෙවි කළ ස්ථාන 425කට එරෙහිව නඩු පවරා තිබේ.
සහල් මිල ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති සිද්ධි සංඛ්‍යාව 2,060 කි.
සහල් තොග සැඟවීමේ සිද්ධි 240 කට එරෙහිවද නීතිමය ක්‍රියාමාර්ග ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කළේ .
මේ අතර වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම් නයිමුඩීන් මහතා සඳහන් කළේ, මෙරට සහල් හා වි තොග පිළිබඳ වාර්තාව ජනාධිපතිවරයාට භාරදුන් බවයි.
එහි දත්ත විශේලේෂණයෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බව ඔහු පැවසුවේ ය.