COLOMBO (News 1st) -
රුපියල් කෝටි 800 ක වංචා කර රටින් පළා ගොස් සිටි පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ කටුනායක ගුවන්තොටුපොළේ දී අද(08) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් ය.
පොලිසිය පැවසුවේ , ඔවුන් කුරුණෑගල ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබූ පිරමීඩ් මූල්‍ය ආයතනයක් මගින් තැන්පත්කකරුවන්ගේ මුදල් වංචා කර ඇති බවයි.
කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි ධම්මික කුමාර රණසිංහ නැමැති 52 හැවිරිදි මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගහැර රටින් පලා ගොස් තිබුණි.
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට අද අලුයම කටුනායක ගුවන් තොටුපොළට ඔහු පැමිණ තිබුණි.
සැකකරු පිළිබඳ ලැබී තිබූ තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහු අත් අඩංගුවට ගත් අතර ඔහු රැගෙන යාමට බිරිඳ ද ගුවන්තොටුපලේදීම අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි කාන්තාවකි.
පිරිමීඩ මූල්‍ය ආයතනයක් පවත්වා ගෙන යමින් තැන්පත්කරුවන් 2,500 කගෙන් පමණ සැකකරු මුදල් වංචාකර ඇති බව පොලිසිය පැවසුවේ ය.