ඒ, එම ප්රදේශවල ජනතාවගේ ප්රවාහන ගැටලු රැසකට විසඳුම් දෙමිනි.
කුඩා ඔහ හරහා වැටී ඇති බදුල්ල, රිදීමාලියද්ද, කොලේයායත් ඇල්දෙණිය ගම්මානයත් යා කරන මාර්ගයේ ගමන් කරන මිනිස්සු පාලමක් නොමැතිකම නිසා වසර ගණනාවක සිට පිඩාවට පත් විය.
ඇල්දෙණිය ගමෙහි පවුල් 600ක් සේම දරුවන් 50කට වැඩි පිරිසක් දිනපතා පසල් යන්නේ එම මාර්ගයෙනි.
ගම්මැද්ද ගෙයින් ගෙට ක්රියාන්විතයෙන් මේ ප්රශ්නය හඳුනාගත් ගම්මැද්ද කණ්ඩායම කොලේයායත් ඇල්දෙණියත් යා කිරීමට පාලමක් සෑදීමට තීරණය කළේ ය.
ඒ අනුව බදුල්ල රිදීමාලියද්ද, කොලේයාය සහ ඇල්දෙණිය ගම්මාන යා කෙරෙන ගම්මැද්ද පාලම අද ජනතා අයිතියට පත් කෙරුණි.