COLOMBO (News 1st) -
මැතිවරණයෙන් තේරීපත්වූ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස සූසී වයිල්ස් නම් කර තිබේ.ඇය ට්‍රම්ප්ගේ ප්රචාරක කළමනාකරු වන අතර මෙම තනතුරට පත් වූ පළමු කාන්තාවද ඇයයි.
වයිල්ස් අමෙරිකානු ඉතිහාසයේ විශිෂ්ටතම දේශපාලන ජයග්‍රහණයක් ලබා ගැනීමට තමාට උපකාර කළ බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
මෙම තීරණය බලාත්මක වන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන ජනවාරි 20 වන දින ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුවයි.
කෙසේ වෙතත් දෙසැම්බර් මාසයේ 17 වැනිදා පැවැත්වීමට නියමිත පක්ෂ ක්‍රියාකාරීන්ගෙන් සමන්විත ඡන්ද විද්‍යාලයේ අවසන් තීරණයට පසුව අමෙරිකානු රජය විසින් නිල ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.
දැනට නිකුත් වූ ප්‍රතිඵල අනුව රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආසන 295 ක් ජයග්‍රහණය කර තිබේ.
එය 50.8% ක ප්රතිශතයකි.
ඩිමොක්රටික් පක්ෂ ජනපති අපේක්ෂක කමලා හැරිස් මේ දක්වා ජයග්‍රහණය කර ඇත්තේ, ආසන 226 ක් පමණයි.