ඡන්ද නීති කැඩූ අපේක්ෂකයින් 11 ක් පොලිස් දැලේ..

ඡන්ද නීති කැඩූ අපේක්ෂකයින් 11 ක් පොලිස් දැලේ..

by Staff writer 08-11-2024 | 1:46 PM

COLOMBO (News 1st) -

මෙවර මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, අත්පත්ත්‍රිකා බෙදාහැරීම,පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය,සැකකරුවන් මුදා ගැනිමට පොලිස්ථාන තුළ කළහකාරි ලෙස හැසිරිම යන චෝදනා සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

මැතිවරණ නීතී කඩ කිරිම සම්බන්ධයෙන් ආධාරකරුවන් 353 දෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ලබන 11 වැනිදා මධ්‍යම රාත්‍රි 12 න් අවසන් වෙයි.