හෙට ජනතා අයිතියට පත් වන බලාපොරොත්තුව..

හෙට ජනතා අයිතියට පත් වන බලාපොරොත්තුව..

by Staff writer 07-11-2024 | 10:16 PM

COLOMBO (News 1st) -

බදුල්ල, රිදීමාලියද්ද, කොලේයාය සහ ඇල්දෙණිය ගම්මානවල ජනතාවට පාලමක් නොමැතිකම ලොකු අඩුවක් වෙලා තිබුණා.

ගම්මැද්දෙන් ඉදිකළ මේ ගම් යා කරන අලුත් පාලම හෙට ජනතා අයිතියට පත් වෙනවා.

කුඩා ඔය හරහා වැටී ඇති බදුල්ල, රිදීමාලියද්ද, කොලේයායත් ඇල්දෙණිය ගම්මානයත් යා කරන මේ මාර්ගයේ ගමන් ගන්න මිනිස්සු අවුරුදු ගාණක ඉදලා පිඩා පත් වුණේ පාලමක් නොමැතිකම නිසා.

ඇල්දෙණිය ගමේ පවුල් 600 ක් වගේම දරුවෝ 50කට වැඩි පිරිසක් දිනපතා පසල් යන්නේ මේ මාර්ගයෙන්.

ජීවිත අවදානම අතේ තියන් යන මේ ගමන හරිම අවදානම්.

වැස්ස කාලෙට, ඔය පිටර ගලනවා. ගම් යට වෙනවා.

ගොවිතැනින් බත සරි කරන ගමේ මිනිස්සුත් හරිම අසරණයි.

ගම්මැද්ද ගොයින් ගෙට ක්‍රියාන්විතයෙන් මේ ප්‍රශ්නය හඳුනගත්ත ගම්මැද්ද අපේ කණ්ඩායම කොලේයායත් ඇල්දෙණියත් යා කරන්න පාලමක් හදන්න තීරණය කළේ ය.

මේ කටයුත්තට මුල පිරුවේ, පසුගිය ජුනි මාසේ 8 වැනිදා.

හෙට පාලන ජනතා අයිතියට පත් කරන්න සියලු කටයුතු සූදානම්.

ස්පීඩ්මාක් ට්‍රාන්ස්පොටේෂන් ලංකා පුද්ගලික සමාගම සහ ඒහි කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් මාලවන මහතා මේ ව්‍යාපෘතිය සඳහා දායකත්වය සපයයි.