මීළඟ අයවැයෙන් ජනතාවට සහන

මීළඟ අයවැයේදී උපයන විට බද්ධ මහජනයාට යහපත් වන අයුරින් සංශෝධනය කරනවා - ජනපති

by Staff writer 07-11-2024 | 10:49 AM

COLOMBO ( News 1st ) - මීළඟ අයවැයේදී උපයන විට බද්ධ නොවරදවාම මහජනයාට යහපත්වන අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ සමග භාණ්ඩ කිහිපයක වැට් බදු ඉවත් කිරීමට ද පියවර ගන්නා බව ජනාධිපතිවරයා පැවසීය.

ඊයේ (06) රාත්‍රියේ සිරස සටන වැඩසටහනට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේ ය.