COLOMBO (News 1st) - සමස්තයක් ලෙස ගත් කළ පාර්ලිමේන්තු මැතිවරණයේ පුර්ව ප්‍රචාරක කටයුතු සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයින් පවසයි.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මෙතෙක් බරපතළ නීති උල්ලංඝණය කිරීමේ සිදුවීම් වාර්තා වී නොමැති බවය.
ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා සඳහන් කළේ, සුළු පැමිණිලි 150ක් පමණ ලැබී තිබුණ ද සමස්තයක් ලෙස මැතිවරණ කටයුතු ඉතා සාමකාමිව පවතින බවයි.