COLOMBO (News 1st) - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් භාවිත කර ව්‍යාජ ලෙස සැකසූ රුපියල් 5,000 මුදල් නෝට්ටුවක් අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) සඳහන් කළේ, ඔහු ඊයේ (04) පස්වරුවේ පිළියන්දලදී අත්අඩංගුවට ගත් බවය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වටරැක ප්‍රදේශයේ පදිචිකරුවෙකි.