කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ බව සඳහන් කළේ ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනි.
එම පළාත්වල ඇතැම් ප්‍රදේ වලට අද (05) රාත්‍රියේ මිලිමීටර් 100ට තද වැසි සමග තාවකාලිකව තද සුළං ද ඇති විය හැකියි.
තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර පවතින වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 08ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරුවේ යළි දීර්ඝ කළේ ය.
කෑගල්ල , රත්නපුර , බදුල්ල , ගාල්ල , කළුතර , මහනුවර , කුරුණෑගල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත්.