COLOMBO (News 1st) - මධ්‍යම, සබරගමුව, උතුරුමැද සහ ඌව පළාත්වලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර පවතින අධික වැසි හේතුවෙන්, දිස්ත්‍රික්ක 8ක් සඳහා නිකුත් කළ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලාත්මකයි.
කෑගල්ල, රත්නපුර, බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කුරුණෑගල සහ මාතර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා එම අනතුරු ඇඟවීමේ නිවේදන බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසීය.