COLOMBO (News 1st) – ඌව, නැගෙනහිර, මධ්‍යම , සබරගමුව සහ උතුරු මැද පළාත්වලට අද(01) දිනයේ මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
උතුරු, නැගෙහිර සහ වයඹ පළාත්වල වෙරළ බඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන්නැයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.