Colombo (News1st )-
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ , ඔහු අද පස්වරුවේ නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
ලොහාන් රත්වත්තේ මහතා අද අත්අඩංගුවට ගනු ලැබුවේ කටුගස්තොට ප්‍රදේශයේදී ය.
ලියාපදිංචි අංක තහඩු නොමැති සුඛෝපභෝගි ජීප් රථයක් මිරිහානේ නිවසකින් සොයා ගැනීමේ සිද්ධියට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ ය.
එම වාහනය පසුගියදා මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබි සොයා ගනු ලැබුවේ ය.