ඉන්දීය නියෝජිත පිරිසක් අනිද්දා දිවයිනට

ධීවර ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉන්දීය නියෝජිත පිරිසක් අනිද්දා දිවයිනට..

by Staff writer 27-10-2024 | 9:32 AM

COLOMBO ( News 1st ) - ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා, ඉන්දීය නියෝජිත පිරිසක් අනිද්දා (29) දිවයිනට පැමිණීමට නියමිතය.

12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එලෙස දිවයිනට පැමිණෙන බව , ධීවර අමාත්‍යංශ ලේකම්  එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.