COLOMBO (News 1st) -
ජපාන මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද(27) පැවැත්වෙයි.ඒ, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා මන්ත්‍රීවරුන් 465 දෙනෙකු තෝරාපත් කරගැනීම වෙනුවෙන් ය.
ඊට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ගණන 1300 කි.
පසුගිය අගෝස්තු මාසයේදී ෆුමියෝ කිෂිඩා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව පාලක පක්ෂ නායක ෂිගෙරු ඉෂිබා අගමැති ධුරයට පත් විය.
ඒ පාලක පක්ෂයේ බහුතර ඡන්දයෙන් ය.
අනතුරුව දින තුනක් තුළ ඔහු ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවනු ලැබුවේ ය.
ඒ අනූව මධ්‍යස්ථාන 45,000 කදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 104 කට අධිකයි.
ඡන්ද විමසීම, එරට වේලාවෙන් උදෑසන 7 සිට රාත්‍රී 8 දක්වා පැවැත්වෙයි.
අද පැවැත්වෙන ඡන්ද විමසීමේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 233 ඉක්මවූ බහුතර බලයක් ලබා ගන්නා කණ්ඩායමට, ඉදිරි වසර 04 සඳහා ජපාන පාර්ලිමේන්තුවේ බලය හිමිවනු ඇති.
2021 වසරේ අවසන් වරට පැවති ජපාන මහ මැතිවරණයෙන් පාලක ඩිමොක්ක්රටික් පක්ෂය ආසන 247 ක් දිනා ගත්තේ ය.
අනතුරුව ආසන 32 ක් දිනාගත් හවුල්කාර පක්ෂයක් සමග එක්ව ශක්තිමත් සභාග ආණ්ඩුවක් පිහිටුවමින් ෆුමියෝ කිෂිඩා අගමැති ධුරයට තේරී පත්විය.