කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

by Staff writer 27-10-2024 | 9:18 AM

COLOMBO (News 1st) -

සත්කාරක ශ්‍රී ලංකාව සමග පැවති තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 8 කින් ජය ගත්තේ ය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එය ක්‍රියාත්මක වුණේ, ඉනිමක් පන්දුවාර 23කට සීමා කරමින් ය.

ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 23 ක් තුළ කඩුලු 3 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 156 කි.

පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ලකුණු 56 බැගින් රැස් කළේ ය.

ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 195ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 22ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී සිටියදී ය.

එවින් ලුවිස්, නොදැවී ලකුණු 102ක් රැස් කළේ ය.

ශර්ෆේන් රදර්ෆර්ඩ්, නොදැවී ලකුණු 50කි.

තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය, තරග 2ට 1ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේ ය .