ලොරි රථයකට පොලීසියෙන් වෙඩි..

අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසියෙන් වෙඩි..

by Staff writer 27-10-2024 | 2:09 PM

COLOMBO ( News 1st ) - සූරියවැව, වැවේගම ප්‍රදේශයේ දී නිතිවිරෝධීව ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයකට පොලීසිය වෙඩි තබා තිබේ.

ඒ, ලොරිය අණ නොතකා ධාවනය කිරීම හේතුවෙනි.

එය පරීක්ෂා කිරීමේදී ගවයින් 18 දෙනෙකු එහි සිට තිබේ.

ඉන් ගවයින් දෙදෙනෙකු මියගොස් සිටි බව පොලීසිය සඳහන් කළේ ය.

බේරුවල පදිංචි ලොරියේ රියදුරු අත්අඩංගුවට ගැනුණි.

එහි සිටි තවත් අයෙකු පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය.