උතුරු හා ඊසාන දිග මුහුදු ප්‍රදේශ තවදුරටත් රළුයි

උතුරු හා ඊසාන දිග මුහුදු ප්‍රදේශ තවදුරටත් රළුයි, විමසිලිමත් වන්නැයි ධීවරයින්ට උපදෙස් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 25-10-2024 | 2:43 PM

COLOMBO (News1st) - ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශ මෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ තවදුරටත් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50 ත් 55 ත් දක්වා ඉහළ යා හැකි බවයි.

ඩානා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව ද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

පුත්තලම සිට කන්නකසන්තුරෙයි හරහා මුලතිව් දක්වා මුහුදු ප්‍රදේශවල විටින් විට තද වැසිද ඇතිවිය හැකියි.

මේ සම්බන්ධයෙන් ධීවර හා නාවික ප්‍රජාව අවධානය යොමු කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.