ශ්‍රී ලංකාව සිය කැපවීම සහතික කර ඇතැයි නිවේදනයක්..

සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව සිය කැපවීම සහතික කරයි..

by Staff writer 23-10-2024 | 10:29 PM

COLOMBO (News 1st) –ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා සිය කැපවීම සහතික කර තිබේ.

ඒ, අමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැත්වෙන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව අතරතුරදී ය.

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ඊයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

එහිදීද සර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා කැපවීම යළි තහවුරු කෙරුණු බව සඳහන් ය.

විස්තිර්ණ ණය පහසුකම් වැඩසටහනේ තුන්වන සමාලෝචනය සම්බන්ධයෙන් දැනට පැවැත්වෙන සාකච්ඡාවල වැදගත්කම ශ්‍රී ලංකා නියෝජිතයින් අවධාරණය කර තිබේ.