පොහොර සහනාධාරය ගැන නිවේදනයක්...

මහ කන්නයේ පොහොර සහනාධාරය ලෙස රුපියල් මිලියන 46ක මුදලක් දිස්ත්‍රික්ක 11 ක ගොවීන්ට - ගොවිජන සේවා දෙපාර්තමේන්තුව

by Staff writer 22-10-2024 | 8:11 AM

COLOMBO ( News 1st )- මහ කන්නයේ වී වගා කටයුතු සඳහා පොහොර සහනාධාරය ලෙස රුපියල් මිලියන 46ක මුදලක් දිස්ත්‍රික්ක 11 ක ගොවින්ට ලබා දී ඇතැයි ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ, තවත් රුපියල් මිලියන 58ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවයි.

එම මුදල අද(22) හෝ හෙට(23) දිනයේ ලැබෙන බව ද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

ඔහු පෙන්වා දෙන්නේ ගොවීන් වගා කටයුතු ආරම්භ කරන ආකාරය අනුව මුදල් ලබා දෙන බවයි.