ජොන්ස්ටන් ප්‍රනාන්දු හෙට CIDයට

ජොන්ස්ටන් ප්‍රනාන්දු හෙට CIDයට

by Staff writer 22-10-2024 | 10:10 PM

COLOMBO ( News 1st ) - ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හෙට (23) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල පල්ලියගේ මහතා අද (22) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ ය.

ඒ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් යැයි සැක කෙරෙන එකලස් කරන ලද BMW වර්ගයේ මෝටර් රථයක් කොළඹ හිලටන් හෝටලයේ තිබිය දී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ය.