ABU මහා සභා රැස්වීම පවත්වන්න MTV සමාගමට අවස්ථාව

2026 ආසියානු පැසිෆික් විකාශන සමුහයේ මහා සභා රැස්වීම මෙරටදී පැවැත්වීමට MTV Channel පුද්ගලික සමාගමට අවස්ථාව

by Staff writer 20-10-2024 | 8:27 PM

COLOMBO (News1st) - 2026 දී ආසියානු විකාශකයින්ගේ සංගමයේ (ABU) මහා සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමටත් ඊට නිල සත්කාරකත්වය ලබා දීමටත් MTV චැනල් පුද්ගලික සමාගමට අවස්ථාව හිමි විය.

මෙම තීරණය ගැනුණේ, තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී අද(20) පැවති 118 වැනි පරිපාලන කමිටු  රැස්වීමේදීය.