හිටපු ඇමති ලොහාන්ගේ පෞද්ගලික ලේකම්ට වෙඩි

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයෙක් වෙඩි වැදීමෙන් මරුට

by Staff writer 20-10-2024 | 6:35 PM

COLOMBO (News1st) - හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වෙඩි වැදීමෙන් මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, කටුගස්තොට මහයියාව ප්‍රදේශයේ ලොහාන් රත්වත්තේ මහතාට අයත් කාර්යාලයක් ආසන්නයේ නිවසකදී ලේකම්වරයාට වෙඩි වැදී ඇති බවයි.

මිය ගොස් ඇති පෞද්ගලික ලේකම්වරයාගේ වයස අවුරුදු 60ක් පමණ වේ.

පොලීසිය පැවසුවේ, සිද්ධියට යොදා ගත් ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.