හලාවත නිවසක ගින්නක්..සියල්ලන් කම්පා කරමින් මව, පියා සහ දියණිය මියයයි

by Staff writer 20-10-2024 | 12:47 PM

COLOMBO ( News 1st ) - හලාවත සිංහපුර ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් එකම පවුලේ තුන්දෙනෙකු මියගොස් තිබේ.

මව, පියා සහ දියණිය එලෙස මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.

මියගිය දියණියගේ වයස, අවුරුදු 14 කි.

පියා 51 වන වියේ සහ මව 44 වැනි වියේ පසුවේ.

ගින්න හටගත් දෙමහල් නිවසේ පහත මාලයේ කාමරයක තිබී මවගේ මළ සිරුර සොයා ගෙන ඇත.

මවගේ ගෙලේ කැපුම් තුවාල පවතින බව පොලීසිය සඳහන් කළේ ය.

නිවසේ සාලයේ තිබියදී පිළිස්සුනු පියාගේ සහ දියණියගේ සිරුරු සොයාගෙන තිබුණි.

එය ඝාතනයක් ද? ගිනි ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකය.