වැල්ලම්පිටිය ලංසියාවත්ත නිවාස කිහිපයක ගින්නක්

වැල්ලම්පිටිය ලංසියාවත්තේ නිවාස කිහිපයක ගින්නක්..

by Staff writer 20-10-2024 | 7:59 AM

COLOMBO ( News 1st ) - වැල්ලම්පිටිය ලංසියාවත්ත ප්‍රදේශයේ නිවාස කිහිපයක ඊයේ (19) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.

ගින්න නිවා දැමීම සඳහා සේවා රථ 3 ක් පිටත් කර යැවූ බව ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව , මේ වන විට ගින්න සම්පූර්ණයෙන් නිවා දමා ඇත.

ඉන්, කිසිවෙකුටත් හානියක් වී නැත.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක පළ කරන බව පොලීසිය සඳහන් කළේ ය.