දිවයින පුරා 80% ක් වැඩ අවසන් වූ අලි වැට

දිවයින පුරා වන රක්ෂිත මායිම් සීමා කරමින් අලි වැට ඉදි කිරීමේ කටයුතු 80% කින් අවසන්..

by Staff writer 20-10-2024 | 8:22 AM

COLOMBO ( News 1st ) - දිවයින පුරා වන රක්ෂිත මායිම් සීමා කරමින් අලි වැට ඉදිකිරීමේ කටයුතු 80% කින් පමණ අවසන් කර ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

මෙතෙක් අලි වැට ඉදිකර ඇත්තේ, 5500km ක් ආවරණය වන ආකාරයෙන් ය.

තවත් 1500km ක ඉදිකිරිම් කටයුතු සිදු කෙරෙමින් පවතින බව, වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඉදි කිරීම් අවසන් වීමෙන් පසු, අලි වැට නඩත්තුව සඳහා බහු කාර්ය සංවර්ධන නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් අනුයුක්ත කෙරෙනු ඇත.

නව ඉදිකිරීම් අතරතුර අනවසරයෙන් අලි වැට ඉදිකර ඇති පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද, නියමිතය.