අණ නොතකා ධාවනය කළ ලොරියකට පොලීසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ ලොරියකට පොලීසියෙන් වෙඩි..

by Staff writer 20-10-2024 | 1:31 PM

COLOMBO ( News 1st ) -  අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට ගාල්ල උඩුගම ප්‍රදේශයේ දී පොලීසිය වෙඩි තබා තිබේ.

ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ අදාළ ලොරියට මාර්ග බාධකයේ දී නතර කරන ලෙස පොලීසිය අණ කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

එහෙත්, එම අවස්ථාවේ අදාළ ලොරිය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලීසිය වෙඩි තබා ඇත.

ඉන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගැනුණි.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ එහි සිටි තවත් තුන්දෙනෙකු පළා ගොස් තිබේ.