බස්නාහිර ඇතුළු පළාත් 4ක විශේෂ ඩෙංගු මර්දනයක්

බස්නාහිර ඇතුළු පළාත් 4ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්..

by Staff writer 19-10-2024 | 2:01 PM

COLOMBO (News1st) - ලබන 24, 25 සහ 26 දිනවල බස්නාහිර , වයඹ , උතුරු සහ නැගෙනහිර පළාත්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ ගංවතුරෙන් යටවු ප්‍රදේශවල ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

වසරේ මේ දක්වා කාලය තුල මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 41,128ක්.

තවදුරටත් වැඩිම රෝගින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.එම සංඛ්‍යාව 17,472කි.

ඩෙංගු වැළඳීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තිබේ