ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය ඇරඹෙයි..

ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය චීනයේ බෙයිජිං නුවරදී ඇරඹෙයි..

by Staff writer 18-10-2024 | 11:49 AM

COLOMBO ( News 1st ) -ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය චීනයේ බෙයිජිං නුවර දී පසුගිය දා ආරම්භ විය

ඒ , නුදුරේදී ආරම්භ වීමට නියමිත 2024 බ්‍රික්ස් රටවල නායක සමුළුවට සමගාමීවයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුව හා චීන මාධ්‍ය සමූහය එක්ව එය සංවිධාන කර තිබුණි.  

මෙවර එහි තේමාව "සාමය, සංවර්ධනය, ආරක්ෂාව සමග, පොදු ඉරණමක් සහිත සමෘද්ධිමත් ලෝකයක් එක්ව ගොඩනැගීම" යන්නයි

ලොව පුරා රටවල් 76ක දේශපාලන ප්‍රධානීන් , රජයේ නියෝජිතයින් , විද්වතුන් සහ මාධ්‍ය නියෝජිතයන් මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරවලින් ඊට එක් විය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ අමාත්‍ය Liu Jianchao මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ‍ජනරාල් Shen Haixiong මහතා එහිදී දේශන පවත්වනු ලැබුවේ ය.