හමාස් දේශපාලන නායකයා ඝාතනය කෙරේ..

හමාස් දේශපාලන නායක යහියා සින්වාර් ඝාතනය කෙරේ..

by Staff writer 17-10-2024 | 10:54 PM

COLOMBO (News 1st) - හමාස් දේශපාලන නායක යහියා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව,  ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ, ගාසා තීරයේ මෙහෙයුම් අතරතුර ත්‍රස්තවාදීන් තුන්දෙනෙකු ඝාතනය කළ බවයි.

ඉන් එක් සිරුරක් යහියා සින්වාර්ගේ සිරුරට සමාන  බවට හඳුනාගත් අතර ඩී.එන්.ඒ. විශ්ලේෂණය හරහා මළ සිරුර හඳුනා ගැනීමට ඊශ්‍රායලය කටයුතු කළ බව මීට පෙර පළ වූ විදෙස් වාර්තාවල සඳහන් විය.