අමෙරිකානු තානාපතිනිය ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය ආරක්ෂක ලේකම් හමුවෙයි

by Staff writer 17-10-2024 | 8:22 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමු වී තිබේ.

ඒ, ආරක්ෂක අමාත්‍යංශයේදී ය.

දෙරට අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කරගැනීම පිළිබඳ කරුණු රැසක් පිළිබඳව එහි දී සාකච්ඡා වී තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නව ගුවන් යානයක් පරිත්‍යාග කිරීම වෙනුවෙන්, ආරක්ෂක ලේකම්වරයා අමෙරිකාවට සිය කෘතඥතාව ද පළ කළේ ය.