දූත මණ්ඩල හරහා ලෙබනනයේ ලාංකිකයින්ට උපදෙස්..

ලෙබනනයේ උද්ගතව ඇති තත්ත්වය සමග ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර...

by Staff writer 17-10-2024 | 12:18 PM

COLOMBO ( News 1st ) - ලෙබනනය ඇතුළු මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති තත්ත්වයත් සමග ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

අදාළ රටවල දූත මණ්ඩල හරහා ලාංකිකයින්ට අවශ්‍ය උපදෙස් නිරන්තරයෙන් ලබාදෙන බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ ය.

එම උපදෙස් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය මැදපෙරදිග සිටින ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කරනු ලබයි.

මැදපෙරදිග කලාපයේ සිටින ලාංකිකයින්ගේ ඥාතීන්ට ඕනෑම හදිසි අවස්ථාවකදී තොරතුරු ලබා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය හා සම්බන්ධ විය හැකිය.

ඒ අනුව,  0112 33 88 12 සහ 0117 71 11 94 යන දුරකතන අංක ඔස්සේ අදාළ තොරතුරු ලබාගත හැකි වේ.