ඊශ්‍රායල ජනතාවට අනතුරු ඇඟවීමක් !

හමුදා සිටින ප්‍රදේශවලින් ඉවත් වන්නැයි හිස්බුල්ලා සංවිධානයෙන් උතුරු ඊශ්‍රායල ජනතාවට අනතුරු ඇඟවීම්

by Hashini De Mel 12-10-2024 | 8:28 AM

COLOMBO (News 1st) - උතුරු ඊශ්‍රායලයේ හමුදා සිටින ස්ථානවලින් ඉවත්වන්නැයි හිස්බුල්ලා සංවිධානය, එරට ජනතාවට අනතුරු අඟවා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊශ්‍රායල හමුදා, උතුරු ඊශ්‍රායලයේ ජනතා නිවාස හමුදා කඳවුරු ලෙස භාවිත කරන බවයි.

කාලයක් පුරා ඊශ්‍රායල - ලෙබනන දේශසීමා ගැටුම් පැවතිය ද පසුගිය 23 වැනි දා සිට ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානයේ කඳවුරු වෙත ප්‍රහාර එල්ල කිරීම තීව්‍ර කළේ ය.

ගැටුම් හේතුවෙන් ලෙබනනයේ මියගිය ගණන 1,200 කට අධිකයි.

මිලියනයක පමණ පිරිසක් අවතැන් වී සිටි.

ඊශ්‍රායලය හිස්බුල්ලා සටන්කාමීන් බහුලව භාවිත කරන පේජර් ඇතුළු සන්නිවේදන උපකරණ දුරස්ථව පුපුරුවා හරිමින් සූක්ෂම ප්‍රහාරයෙන් එල්ල කිරීම, මෙම ගැටුම්වලට ප්‍රධාන හේතුවකි.