ශ්‍රී ලංකා කාන්තා පිලට තවත් පරාජයක්..

ශ්‍රී ලංකා කාන්තා පිල T20 ලෝක කුසලානය පරාජිතව අවසන් කරයි..

by Staff writer 12-10-2024 | 8:26 PM

COLOMBO ( News 1st ) - පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගය නවසීලන්තය කඩුලු 8 කින් අද(12) ජය ගත්තේය.

සාජා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දුන්නේය.

ඒ අනුව, නායක චමරි අතපත්තු සමග විශ්මි ගුණරත්න ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 26කි.

විශ්මි ගුණරත්න ලකුණු 8කට පිටියෙන් ඉවත් කිරීමට ඊඩ්න් කාර්සන් සමත් විය.

නායක චමරි ලකුණු 35ක් රැස් කළ අතර ඇය දැවී ගියේ අමේලියා කර්ගේ පන්දුවක් හමුවේය.

හර්ෂිතා සමරවික්‍රම රැස්කළ ලකණු සංඛ්‍යාව 18කි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 115කි.

අමේලියා කර් සහ ලෙයි කැස්පරක් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගිය අතර සුසී බේට්ස් සමග ජෝර්ජියා ප්ලිමර් විසින් නවසීලන්ත පිළිතුරු ඉනිම ආරම්භ කළා ය.

ඔවුන් දෙදෙනා අතර සබඳතාවය ලකුණු 49ක්.

සුසී බේට්ස් ලකුණු 17ක් වන අතර නවසීලන්තය පන්දුවාර 17යි පන්දු 3කදී කඩුළු 2 ක් දැවී නියමිත ඉලක්කය පසු කරන ලදි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ජෝර්ජියා ප්ලිමර් ලකුණු 53ක් රැස් කළා ය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ මූලික වටයේ සහභාගි වූ තරග 4ම පරාජයට පත්විය.