දුම්රියක ගැටීමෙන් තිදෙනෙකු මරුට..

දුම්රියක ගැටීමෙන් අවුරුදු 3ක දරුවෙකු ඇතුළු තිදෙනෙකු මරුට..

by Staff writer 12-10-2024 | 9:40 PM

COLOMBO (News1st) - කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේදි දුම්රියක ගැටීමෙන් කුඩා දරුවෙකු ඇතුළු තුන්දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සදහන් කළේ අවුරුදු 03ක කුඩා දරුවෙකු අනතුරින් මියගොස් ඇති බවයි.

බෙලිඅත්තේ සිට මරදාන දක්වා ගමන් කළ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් ඔවුන් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ඔවුන් දුම්රියේ ගැටී තිබෙන්නේ, දුම්රිය මාර්ගයේ රැඳී සිටියදී බවයි.