චීන ජාතිකයින් 114ක් අත්අඩංගුවට..

අන්තර්ජාල මුල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැකපිට චීන ජාතිකයින් 114ක් අත්අඩංගුවට...

by Staff writer 12-10-2024 | 7:13 PM

COLOMBO ( News 1st ) - අන්තර්ජාල මුල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැකපිට චීන ජාතිකයින් 114 දෙනෙකු කුණ්ඩසාලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් පිරිසක් විසින් ය.

සැකකරුවන් භාවිතා කළ ලැප්ටොප් 120ක් , ඩෙස්ටොප් 15 ක් සහ ජංගම දුරකථන 300 ක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.

සැකකරුවන් කුණ්ඩසාලේ ප්‍රදේශයේ නවාතැන්පොළක කාමර 47ක් කුලියට ගෙන සිට ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.