ඇමති නිල නිවසක් කොළඹ පාසලකට

හිටපු ඇමති අමරවීරගේ නිල නිවස කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට පැවරීමට අගමැතිනියගෙන් උපදෙස්...

by Hashini De Mel 11-10-2024 | 10:39 PM

COLOMBO ( News 1st ) - මෙතෙක් නිල නිවාස භාර නොදුන් හිටපු අමාත්‍යවරු වෙනුවෙන් යළි සිහි කැඳවීමක් සිදු කිරීමට අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමසූරිය උපදෙස් ලබා දී තිබේ.

ඊට ප්‍රතිචාර නොලැබෙන්නේනම්, නීතිය ක්‍රියාත්මක කිරීමට ද නියමිතයි.

හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා භාවිත කළ නිල නිවස කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට පැවරීමට ද මෙහිදී උපදෙස් ලබා දී තිබේ.

අග්‍රාමාත්‍යවරිය මෙම උපදෙස් ලබා දී තිබෙන්නේ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.