මිල්ටන් සුළි කුණාටුවෙන් අමෙරිකාවේ 16ක් මරුට

මිල්ටන් සුළි කුණාටුවෙන් අමෙරිකාවේ 16ක් මරුට

by Staff writer 11-10-2024 | 12:27 PM

COLOMBO (News1st) - අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය හරහා හමා යන මිල්ටන් සුළි කුණාටුව හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 16 දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නිවාස සහ ව්‍යාපාර ඒකක මිලියන 03කට පමණ තවදුරටත් විදුලිය විසන්ධි වී ඇති බවයි

අවතැන් වී ඇති පුද්ගලයින් ගණන 60,000 ඉක්මවා ඇති අතර ඔවුන් මුදා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි

මිල්ටන් කුණාටුව මේ වනවිට අත්ලාන්තික් සාගරය කරා ගමන් කරමින් ඇති නමුත් ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශ ගංවතුරට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.