බංග්ලාදේශයට එරෙහිව කොදෙව් කාන්තා පිලට ජය..

බංග්ලාදේශයට එරෙහිව කොදෙව් කාන්තා පිලට ජය..

by Staff writer 11-10-2024 | 12:12 PM

COLOMBO (News1st)  - 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 8කින් ජය ගත්තේය.

සාජාහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 103කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 5ක් තුළ කඩුලු 2ක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය.

මේ අතර තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහ පකිස්ථානය අතර තරගය අද(11) පැවැත්වේ.

ශ්‍රී ලංකා වේලාවෙන් අද(11) රාත්‍රී 7යි 30ට ඩුබායිහිදී මෙම තරගය ආරම්භ වීමට නියමිතයි.

රටේ ප්‍රධාන භාෂාත්‍රයෙන්ම නාලිකා හිමි, එම් ටී වී මාධ්‍ය ජාලයට අයත් ටී.වී වන් නාලිකාව ඔස්සේ සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ තරගාවලියේ සියලු තරග ඔබට නැරඹිය හැකිය.