ඉන්දියාවෙන් දුන් සූර්ය පැනල පූජනීය ස්ථානවලට

ඉන්දියාවෙන් දුන් සූර්ය පැනල පූජනීය ස්ථානවල සවිකිරීම ඇරඹෙයි..

by Staff writer 11-10-2024 | 11:38 AM

COLOMBO (News1st) -ඉන්දීය ආධාර මත ලැබුණු සූර්ය පැනල පූජනීය ස්ථානවල සවි කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් උදයංග හේමපාල මහතා සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම කටයුතු කඩිනම් කර ඇති බවයි.

ඒ අනුව මේ වනවිට පුජනීය ස්ථානවල වහල මත සවිකර ඇති සූර්ය කෝෂ සංඛ්‍යාව 1000 කට අධික වෙයි.

කිලෝ වෝට් පහක ධාරිතාවෙන් යුත් සූර්ය පැනල 5000 ක් ඉන්දීය ආධාර මත මෙරටට ලැබුණි.

ලේකම්වරයා ප්‍රකාශ කළේ , මාර්තු මාසයට පෙර එම සූර්ය පැනල සියල්ල සවි කිරීමට සැලසුම් කර ඇති බවයි.

පූජනීය ස්ථානවල විදුලිබිලට සහනයක් වීම සඳහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි.