ඒ, දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්.
මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්වලට තවදුරටත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ අණාවැකියේ සඳහන් වේ.
දිවයිනේ සෙසු පළාත්වලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි.
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ හා මධ්‍යම පළාත්වල පැයට කිලෝ මීටර් 40 ත් 50 ත් දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දොපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං හා අකුණු අනතුරු වලින් ආරක්ෂාවීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර ඊයේ(10) උදෑසන 8.30 සිට අද(11) අළුයම 2.30 දක්වා කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය හංවැල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.
එය මිලි මීටර් 196.5 ක්.
දිවුලපිටිය මිලි මිටර් 173.5 ක් හා කළුතර වෝගන් වතුයායට මිලි මීටර් 163.5 වර්ෂාපතනයක් අදාළ කාලය තුළ ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්කමේන්තුව ප්‍රකාශ කළේ ය.
මේ අතර අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසකට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇගවීම් තවදුරටත් බලාත්මකයි.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම නෙළුව, නාගොඩ හා ඇල්පිටිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලටත් කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, දොඩංගොඩ, වල්ලාවිට, හොරණ, බුලත්සිංහල හා ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අධියර දෙක යටතේ නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයටත් නිකුත් කර ඇත්තේ අදියර දෙක යටතේ නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනයක්.
මීට අමතරව බදුල්ල ,කොළඹ, ගාල්ල, ගම්පහ,කෑගල්ල ,මාතර, නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට නායයෑම් පිළිබඳ අධියර එක යටතේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.