හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව යළි සමාලෝචනයට

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව යළි සමාලෝචනය කිරීමට තීරණයක්

by Staff writer 08-10-2024 | 6:35 AM

COLOMBO (News 1st) - හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව යළි සමාලෝචනය කිරීමට තීරණය කර තිබේ.

ඒ, ඊයේ (07) රැස්වූ සමාලෝචන කමිටුවේදීයි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරුන්ට ඇති තර්ජන තක්සේරු සමාලෝචනය කිරීමෙන් පසුව ආරක්ෂාව සංශෝධනය කරන බවයි.

එතෙක් දැනට ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළ කිසිදු වෙනසකින් තොරව එලෙසම පවත්වාගෙන යන බව වැඩබලන පොලිස්පතිවරයා පැවසීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා පසුගිය දා ප්‍රකාශ කළේ ය.