පොහොර සහනාධාර මුදල් ලබන සතියේ ගොවි ගිණුම්වලට

පොහොර සහනාධාර මුදල් ලබන සතියේ ගොවි ගිණුම්වලට - කෘෂිකර්ම අමාත්‍යාංශය

by Staff writer 08-10-2024 | 6:43 AM

COLOMBO (News 1st) - ලබන සතියේ පොහොර සහනාධාර මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම්වලට යොමු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, හෙක්ටයාර් 1ක් සඳහා රුපියල් 15,000 බැගින් ලබාදෙන බවය.

එම සහනාධාරය වී වගාව සඳහා මඩ පොහොර මිලදී ගැනීම වෙනුවෙන් භාවිත කළ හැකි බව ලේකම්වරයා පැවසීය.

මේ අතර ධීවරයින්ට හිමි ඉන්ධන සහනාධාරය ලබාදීම  සඳහා අවශ්‍ය තොරතුරු මේ වනවිට එක් රැස් කරමින් සිටින බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ, භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 25ක සහනාධාරයක් සහ ඩිසල් ලීටරයක් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදෙන බවයි.

ධීවරයින්ගේ තොරතුරු රැස්කිරීමෙන් පසුව එම සහනාධාර මුදල් ඉතා ඉක්මනින් ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය.

මේ අතර ලබන 15 වැනි දා සිට මහ කන්නයේ වගා කටයුතු සඳහා ජලය මුදා හැරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර බවයි.