ජන හා නිවාස සංගණනයේ පුද්ගල තොරතුරු රැස් කිරීම..

ජන හා නිවාස සංගණනයේ පුද්ගල තොරතුරු රැස් කිරීම, හෙට සිට

by Staff writer 06-10-2024 | 8:46 AM

COLOMBO (News 1st) - 15 වැනි ජන හා නිවාස සංගණනයේ පුද්ගල සහ නිවාස තොරතුරු රැස් කිරීම, හෙටින් (07) ආරම්භ වෙයි.

ජනලේඛන හා  සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනවිරත්න මහත්මිය සඳහන් කළේ, ඒ සඳහා සංගණන නිලධාරීන් ගෙයින් ගෙට පැමිණෙන බවයි.

පසුගිය කාලයේ කළ ලැයිස්තුගත කිරීම්වලදී 2012 සංගණනයට සාපේක්ෂව නිවාස ඒකකවල 24% ක වැඩිවීමක් පෙන්නුම් කරන බව ද, ඇය සඳහන් කළා ය.