හයිටියේ සන්නද්ධ කල්ලි ප්‍රහාරයකින් 70ක් මරුට..

හයිටියේ සන්නද්ධ කල්ලි ප්‍රහාරයකින් සිවිල් වැසියන් 70ක් මරුට..

by Staff writer 05-10-2024 | 12:48 PM

COLOMBO ( News1st ) - හයිටියේ සන්නද්ධ කල්ලි ප්‍රහාරයකින් සිවිල් වැසියන් 70 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 6,270ක් පමණ නිවෙස්වලින් පලා ගොස් ඇති බවයි.

සන්නද්ධ කල්ලි ප්‍රහාරය අතරතුර නිවාස සහ වාහන වලට ද ගිනි තබා තිබේ.

එරට අගමැති ගැරී කොනිල් එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, මෙම ප්‍රහාරය වින්දිතයින්ට එරෙහිව පමණක් නොව සමස්ත හයිටි ජාතියටම එරෙහි ප්‍රහාරයක් බවයි.